හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන

hamuwennata samugannata

Lyrics

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින මලක නැවුම් සුවඳ පිරුණ සොඳුරු මද නල ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන හමුවෙන්නට සමුගන්නට... නෙතින් නෙතට එබී බලා ගන්න හදවත ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කඳුලට බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින //

Song Details

Sinhala Title
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
English Title
hamuwennata samugannata
රප

Artist

රොෂාන් ප්‍රනාන්දු

View all songs →

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන (hamuwennata samugannata) | Tediya Lyrics