සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ

sulan kapolle

Lyrics

සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ කෑලි කැඩී බිඳී වැටෙයි නිල් කඳු රැල්ලේ කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී පිළිගනු ඈ කොහි යන්ට ද නැවත ඉගිල්ලී ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

Song Details

Sinhala Title
සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ
English Title
sulan kapolle
නම

Artist

නන්දා මාලිනී

View all songs →