Lyrics
ඉර හඳ පායන ලෝකේ
අලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවින කතරේ
සැප දුක සමබරවේ
උකුළේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳූවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවින කතරේ
සැප දුක සමබරවේ
වැඩිවන ආශා මැඩලන වේගේ
ජීවන මග කැළඹේ
ඒකම රස මුසුවේ
මහ මඩ වගුරේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවින කතරේ
සැප දුක සමබරවේ
Song Details
- Sinhala Title
- ඉර හඳ පායන ලෝකේ
- English Title
- ira hada payana loke
- Artist
- W.D. අමරදේව
Wඅ
Artist
W.D. අමරදේව
View all songs →