සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්

sina thotak wiya

Lyrics

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි

Song Details

Sinhala Title
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
English Title
sina thotak wiya
නව

Artist

නිරෝෂා විරාජිනී

View all songs →

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් (sina thotak wiya) | Tediya Lyrics