සැලෙන ලෙලෙන දළුව විලස

selena lelena daluwa

Lyrics

සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා ප්‍රිය උකුළු මුකුළු කැකුළු කුමුදු සිනහ නගාලා ළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා අඩ සඳයි ඔබේ නළල් තලේ පෙනෙන්නේ රණ මොණර පිළයි කෙස්‌ කළඹේ දිලෙන්නේ හැඩ වළලු අතේ දමාලා හඞ සිලින් සිලින් නගාලා යන ලතාවටයි දායදරේ හිතෙන්නේ මේ කැලේ මලේ ඔබ කොහිදෝ උපන්නේ ඝන වනන්තරේ කොතැනටදෝ ඇදෙන්නේ ජය බුලත් විටක්‌ හපාලා තොල් රතට රතේ විදාලා ඇයි මැණිකේ මගේ හනි හනිකේ දුවන්නේ

Song Details

Sinhala Title
සැලෙන ලෙලෙන දළුව විලස
English Title
selena lelena daluwa
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →

සැලෙන ලෙලෙන දළුව විලස (selena lelena daluwa) | Tediya Lyrics