Lyrics
කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්‌සන මැවිලා
සිහිකෙරුවත් පසුගිය දේ සිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබ එනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවකු සමගින් ආවා
ඔහු දිවි රැකුමට මට වෙර ලැබුණා
පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නෙකෝ
Song Details
- Sinhala Title
- කොතනක සිටියත් ඔබ මෙලොවේ
- English Title
- kothanaka sitiyath oba
- Artist
- එච්.ආර්. ජෝතිපාල
එජ
Artist
එච්.ආර්. ජෝතිපාල
View all songs →