Lyrics
මංමුලා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලා වූ සමනලියකගෙනි
පාර අසා තිබුනේ
ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකයෙ අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය
අප හමු වූයේ මන්දැයි නොදනිමි
පාර ඇසුයේ ඇයි දැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමි
Song Details
- Sinhala Title
- මංමුලා වී පාර සොයාගෙන
- English Title
- man mula wee para
- Artist
- ගුණදාස කපුගේ
ගක
Artist
ගුණදාස කපුගේ
View all songs →