Lyrics
රාත්රිය වී නිහඩව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමිසදුනේ //
පතා පැමිණි සුර පුරවර
වෙළා ගැනුණි ඝණ කළුවර //
දෑස පුරා දුටු සිනා කවටකෙළි
කදුළු කථාවක කෙළවර
අසන් හිමියනේ කාට කියන්නද
මේ දුක...ඔබ හැර...
කලා සොළස පිරි පුරහද
අතැර ගොසින් සිය පිය බද //
එදා දෙඩු මුදු වදන් අසන්නට
බලාහිදී සිත පිළිසිද
අසන් හිමියනේ කාට කියන්නද
මේ දුක...ඔබ හැර...
Song Details
- Sinhala Title
- රාත්රිය වී නිහඩව නිසලව ඉන්නම්
- English Title
- rathriya wee
- Artist
- දීපිකා ප්‍රියදර්ශනී
දප
Artist
දීපිකා ප්‍රියදර්ශනී
View all songs →