මධුර වසන්තේ මල් ලියකම්

madura wasanthe

Lyrics

මධුර වසන්තේ මල් ලියකම් බබලා සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා කුමරියනේ වසන්ත සමයේ මලින් මලේ ලලිත ලතා මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා කුමරුවනේ මා ඒ වසන්තයයි වසත් සමේ ඔබෙ ළඟමයි දේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා උයන සරාලා මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා මුව කොඳුරාලා මොනවාදෝ උන් මුමුණන්නේ කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ දිලි දිලි දිලිහේ මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ සුන්දර උදයේ සැරසරමු අපි පෙම් නගරේ මධුර වසන්තේ මල් ලියකම් බබලා මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා

Song Details

Sinhala Title
මධුර වසන්තේ මල් ලියකම්
English Title
madura wasanthe
අඅ

Artist

අතුල අධිකාරී

View all songs →