Lyrics
නුවර වැවට හාදු දිදී මානෙල් මල් පිපුණු තරම්
සොඳුරු සිතට රුවැත්තියේ ඔබ එනවද හාදු අරන්
මැදියම් රෑ ගිනියම් සඳට සිසිල වෙන්න තාරකා නෙතින්
සිසිල වෙන්න තාරකා ඉතින්
උඳුපියලිය ළා තණ නිල්ල
සෙවණ සදන උණ බට පඳුර
අද රෑටත් ඉරබට තරුව
පායාවිද හිතේ ඇල්මට
මැදියම් රෑ ගිනියම් සඳට සිසිල වෙන්න තාරකා ඉතින්
සිල වෙන්න තාරකා ඉතින්
හන්තානේ සුළං රැල්ලකින්
සැන්දා හිරු ගලා ගිය සැනින්
රන්දා දෙව්රේම සෙනෙහසින්
සිප ගන්නම් රෝස දෙකම්මුල්
මැදියම් රෑ ගිනියම් සඳට සිසිල වෙන්න තාරකා ඉතින්
සිල වෙන්න තාරකා ඉතින්
නුවර වැවට හාදු දිදී මානෙල් මල් පිපුණු තරම්
සොඳුරු සිතට රුවැත්තියේ ඔබ එනවද හාදු අරන්
මැදියම් රෑ ගිනියම් සඳට සිසිල වෙන්න තාරකා නෙතින්
සිසිල වෙන්න තාරකා ඉතින්
Song Details
- Sinhala Title
- නුවර වැවට හාදු දිදී
- English Title
- nuwara wewata hadu
- Artist
- නාමල් උඩුගම
නඋ
Artist
නාමල් උඩුගම
View all songs →