Lyrics
කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //
කෝකිල කූජනය නැගේ
ලිය ගොමු අතරේ
මධුර වසන්තේ
රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ //
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ
මධුර වසන්තේ
ගම්මානය කෙළවරේ
පන්සල් බිම බෝ රුකේ //
සිළි සළි ගා කොල නැටවේ
සම්බුදු මිහිරේ
මධුර වසන්තේ
අඹ මල් පොකුරට වෙලා
ලේනෙකු ටිං ටිං කියා
මධු රස ගී ගය ගයා
අම රස වින්දේ
මධුර වසන්තේ
කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //
කෝකිල කූජනය නැගේ
ලිය ගොමු අතරේ
මධුර වසන්තේ
Song Details
- Sinhala Title
- කුසුම් පිපී තුරු මතේ
- English Title
- kusum pipi thurumathe
- Artist
- සෝමතිලක ජයමහ
සජ
Artist
සෝමතිලක ජයමහ
View all songs →