පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි

pemin badennai pem

Lyrics

පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි මෙයින් මතුව කරන්නෙ නෑ ආරාධනා ළඟින් සිටින්නයි-නිරතුරු පැතුම් පතන්නයි මෙයින් මතූ කරන්නෙ නෑ ආයාචනා මෙයින් මතූ කරන්නෙ නෑ ආයාචනා දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙලන්නේ දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ මේකද මේ ආදරයේ මිහිර කියන්නේ ආදරයෙන් වෙන් වුණු තැන් නැද්ද දිලෙන්නේ මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ තවත් කෙනෙක් අතේ වෙලී තොරණ් බඳින්නේ කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ මේකද මේ ආදරයේ මිහිර කියන්නේ ආදරයෙන් වෙන් වුණු තැන් නැද්ද දිලෙන්නේ මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ

Song Details

Sinhala Title
පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි
English Title
pemin badennai pem
හක

Artist

හෙන්රි කල්දේරා

View all songs →