Lyrics
මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි සිනාසුනේ ඇයි
ඔබ දෙපසින් ගලාගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලක මෙළෙක තිබුණු හදක්
ගලක් කලේ ඇයි ගලක් කලේ ඇයි
සියුමැළි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙළූ අසරණ මට
සතුරු උනේ ඇයි සතුරු උනේ ඇයි
Song Details
- Sinhala Title
- මා හඬනා කඳුළු ගලා
- English Title
- ma handana kandulu gala
- Artist
- නන්දා මාලනී
නම
Artist
නන්දා මාලනී
View all songs →