Lyrics
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ මහා සාගරේ
කඳුළෙනි ජල කඳ සැදුනේ සුසුමෙනි රළ නැගුනේ
කුණාටු මුහුදෙනි අඩ සඳ පිපුණේ වේදනා ගෙනේ
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ මහා සාගරේ
පෙම්වතියෝ පෙම්වතියෝ
පෙම්වතියෝ පෙම්වතියෝ
එනවා යනවා හඬනවා
හිනැහෙන කෙනෙක් නැතේ
එනවා යනවා හඬනවා
යන එන තැනක් නැතේ
කළුවර කුටියක එළිය හොයනවා
ඉර හඳ හිනාවෙතේ
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ මහා සාගරේ
පෙම්වතියෝ පෙම්වතියෝ
පෙම්වතියෝ පෙම්වතියෝ
හිරැගේ සඳුගේ කැල්මෙනා
මෝහනයෙන් මත් වී
හිරැගේ සඳුගේ කැල්මෙනා
මෝහනයෙන් මත් වී
කිරි ගරැඬෙන් තැනු පෙම් සොහොනේ
වැළපෙති පෙම් දරැවෝ
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ මහා සාගරේ
පෙම්වතියෝ පෙම්වතියෝ
පෙම්වතියෝ පෙම්වතියෝ
හා... ආ...
Song Details
- Sinhala Title
- පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
- English Title
- Pemwathiyanne pemwathiyanne
- Artist
- ඇන්ජලීන් ගුණතිලක
ඇග
Artist
ඇන්ජලීන් ගුණතිලක
View all songs →