මුළු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුණා

mulu gathama wehesuna

Lyrics

මුළු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුණා කුස ගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා වෙහෙසීලා දුක් විඳලා කම්මලේ යකඩ තලා පාන්දරින් නැගිටලා දෙවියන් වැඳ පුදලා දරුවන් මුව සිඹලා ගිනි මැලය දල්වලා යකඩ ගිනියම් කරලා ගොනුට ලාඩම හදලා ගලට පණ උපදවලා දවසේ වැඩ අරඹාලා දඬු අඬුව තද කලා යකඩ ඊට හයිකළා දෑතේ වාරුව යොදලා පීර කිරි කිරි ගාලා පිහිය හැඩ වැඩ දාලා මුවත පන්නර තියලා හැදුවේ කම්මල කියලා මාගේ වරුණේ පෙන්නලා කඩ ඇණය ඇද වෙලා යකඩ පට්ටම ගෙවිලා බරබාගේ පෙරලිලා මා ළඟට පැමිණිලා මගේ වරුණේ පෙන්නලා කඩි මුඩියේ වැඩ කලා බරබාගේ නැගිටලා යළි යෑම අරඹලා මුළු ගතම වෙහෙසුනා....

Song Details

Sinhala Title
මුළු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුණා
English Title
mulu gathama wehesuna
මම

Artist

මී මැස්සෝ (කණ්ඩායම)

View all songs →

මුළු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුණා (mulu gathama wehesuna) | Tediya Lyrics