බුදුන් තුන් වරක් වැඩි සිරි ලංකා ද්වීපය

budun thun warak

Lyrics

බුදුන් තුන් වරක් වැඩි සිරි ලංකා ද්වීපය දහම් සඟුන් සෙවණෙ දරුවො වැඩුනු දේශය මොකක්ද සිරි ලංකාවට වුන විනාශය තුට්ටු දෙකට මිනි මරණව නැහැනෙ කිසි බිය පාසල් යන්නට පෙර වැඳ රැගෙන අවසර සිරිත් පරෙදි පාසැල වෙත නැගුවා පියවර ඒ වන විට රුදුරු මරුවා සිටියෙ ඉවකර මේ මොකවත් දන්නෙ නෑනෙ සමන් කුමාර පන්තියේ පළවෙනිය වුනේ සමන් කුමාර මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර මුලු පාසැල බැබලුවා සිසු සමන් කුමාර අද පාසැල් නාවෙ ඇයිද සමන් කුමාර ලිපියක් ලැබුණා ගෙදරට පොලිසි නොයන්න ලක්ශ එකහමාරක් පාර්සලේ තබන්න නැත්නම් වනේ දරුවට මරුව දකින්න කොහොම පපුව වාවන්නද අම්මට ඔන්න ලියුම් ලියාගෙන දරුවට කරල කරදර සිරිවර්ධන මුදලාලිට යැව්ව බලකර ඒ මොහොතෙත් දරුව මරල තිබුන තොරතුර දැනගත්තේ පස්සේ විමසුමෙන් දොස්තර අපරාධය නීතියෙ මේ සවනට වැදිලා පවුලේ හිතවතෙක්ව පොලිසියෙන් සැක කළා ඔහු අල්ලාගෙන කරද්දී කරුණු විමසලා අපරාධයෙ සුල මුල ඔහු විසින් හෙළි කළා රාත්‍රියේ කඳු යායට පොලිසිය ඇදුනා ගන කැලේක ගල් දෙබලක සමන් හමු වුනා හදවත සසලව යන මේ පුවත සැල වුනා උගුරු දණ්ඩ විකා ඔහුව මරාලා තිබුනා එන්න පුතේ යන්න කියා නංවා සයිකලේ අරං ගියා සමන්ට පා බොරුවට ලීලේ පපුවක් නැති මිනිසුන් පා බොරුවට ආලේ නොදරුවකුගෙ ජීවිතෙ ඇයි මෙහෙම නැති කලේ කිරට අඬන කිරි දරුවන් නොදුටු උදවිය පවක පිනක කිසි වෙනසක් නොමැති මේ අය තිරිසන් ලෙස අයියෝ මේ ලොවට බිහි විය උන්මයි වෙන්නෙ මේ සිරි ලකට ශාපය බුදුන් තුන් වරක් වැඩි සිරි ලංකා ද්වීපය දහම් සඟුන් සෙවණෙ දරුවො වැඩුනු දේශය මොකක්ද සිරිලංකාවට වුන විනාශය තුට්ටු දෙකට මිනි මරණව නැහැනෙ කිසි බිය

Song Details

Sinhala Title
බුදුන් තුන් වරක් වැඩි සිරි ලංකා ද්වීපය
English Title
budun thun warak
ඇජ

Artist

ඇන්ටන් ජෝන්ස්

View all songs →