යායට පායනා පෝදා සඳ
🎤 Prihan ft. IrajSinhala lyrics
Lyrics
යායට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිණි දෝරෙක
හිත පාරනා මේ මා දුක
සැපසේ වින්දා
හෙට රෑ වෙලා එලිවෙන සඳ
හිත හාරනා මහ පාළුව
නුඹ ගන්නවානම් ආපිට
යනවා, කැන්දා
වෑහෙන්නම් මා, ඉඳහිට ඒ සඳේ ඇඳිලා
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා
තනි පැලේදී, තනිව උරගෑ, රෑ ගනන් බලලා
අවේලාවක පෑයූ තරුවී, පෑ බලුම් හින්දා
තනි ඇතා සේ හිතින් හිතපු, මල් වියේ අරුමේ
නුඹ නිසාවෙන් හිතේ පිරුනු, ආලයෙන්, බැඳුනේ
තරු ගනිද්දී, නුඹම පෙන්වූ, හීනයේ ගිලිලා
සැපට ඉද්දී, පැතුම් සේරම, කළුවරේ වින්දා
මල් බිසෝවී මෙමට දුන්නු, සතුට යලි ගත්තා
නුඹ පතා මං එක සිතින් පිදූ, ජීවිතේ, මැරුනා
යායට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිණි දෝරෙක
හිත පාරනා මේ මා දුක
සැපසේ වින්දා
හෙට රෑ වෙලා එලිවෙන සඳ
හිත හාරනා මහ පාළුව
නුඹ ගන්නවානම් ආපිට
යනවා, කැන්දා
වෑහෙන්නම් මා, ඉඳහිට ඒ සඳේ ඇඳිලා
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා
Song Details
- Sinhala Title
- යායට පායනා පෝදා සඳ
- Artist
- Prihan ft. Iraj
PF
Artist
Prihan ft. Iraj
View all songs →