Lyrics
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
ළං වී ඉඳින්න දිව්‍යාංගනා
සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළගේ විසිරිලා
වෙන්වී නොයන්න දිව්‍යාංගනා
වෙන්වී නොයන්න දිව්‍යාංගනා
තාරුකා නිවා...
දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල රන් ළංවෙලා
ප්රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව්‍යාංගනා
තුරුලේ නිදන්න දිව්‍යාංගනා
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
ළං වී ඉඳින්න දිව්‍යාංගනා //
Song Details
- Sinhala Title
- තාරුකා නිවා දුර ඈත තනි වෙලා
- English Title
- tharuka niwa dura
- Artist
- අජිත් බණ්ඩාර
අබ
Artist
අජිත් බණ්ඩාර
View all songs →