Lyrics
චේතනා මෝදුවන ලෝචනා
ස්වප්න මත මානාරි රූ මෝරනා
යා වෙනා ප්‍රේමයට කාරණා
රාග මත රහසේම පාවී ගියා
සේයා වෙනා ඈ රූ රටා
සිත් අහසේ ආශා මවා
දෙව්ළියේ මන බන්දනා
පෙම් කවයි රස කැන්දනා
ඉසියෝග මාන නන්දනා
සද දියේ ඉගි වස්සනා
දෙව්ලොවින් ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා
නෙත් සලා ආදරය වස්සනා
චන්ද වත සේයාවි මේ රෑ පුරා
ගිම් නිවා මීන නෙතු ගස්සනා
සේද වත සිහිවීලා ආශා මවා
සේයා වෙනා ඈ රූ රටා
සිත් අහසේ ආශා මවා
දෙව්ළියේ මන බන්දනා
පෙම් කවයි රස කැන්දනා
ඉසියෝග මාන නන්දනා
සද දියේ ඉගි වස්සනා
දෙව්ලොවින් ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා
රාශි හැගුම් වෑහෙනා
Song Details
- Sinhala Title
- චේතනා මෝදුවන ලෝචනා
- English Title
- chethana moduwana lochana
- Artist
- Eranga abeygunasekara
EA
Artist
Eranga abeygunasekara
View all songs →