Lyrics
දුන්නු තේ එකට - සීනි වෙනුවට
කළපු ලුණු හැන්දක්ම වැටියාන්
අායුබෝවන් කියන මොහොතේ
බුලත් හෙප්පුව බිම පෙරළියාන්
කොයිතරම් ලස්සන උනත් මට
ඌට මහ වස කැතට පෙනියාන්
පරපුරේ පම්පෝරි දොඩවන
අම්මගේ කට වචන ගිලියාන්
කැස්ස හැදිලා ආත්තම්මට
වාත පිත තරඟයට කිපියාන්
අයිය පණ්ඩිතය වෙලාවට
නොඑන්නට වාහනේ කැඩියාන්
නොකල හින්දා වැරැද්දක් මට
තාත්තට වෙන වැඩක් වැටියාන්
මකුළුදැල් නැන්දම්ම දෑසට
කිතුල් මල් වාගේම පෙනියාන්
නොහොඹිනා හරුපයක් කියවී
කාගෙ හරි හිත තදට රිදියාන්
මගුල එහෙනම් තීන්දුයි දැන්
කීවොතින් හොර කපුව එසැණින්
අලුත් නෑකම් සභා මැද්දේ
අනේ ඕකගෙ සරම කැඩියාන්
අම්මගේ කට වචන ගිලියන්
තාත්තට වෙන වැඩක් වැටියන්
කාගෙ හරි හිත තදට රිදියන්
අනේ ඕකගෙ සරම කැඩියන්
මොකක් හරි හේතුවක් හින්දා..
අමුඩෙ අමතක වෙලා තිබියන්..
දුන්නු තේ එකට - සීනි වෙනුවට
කළපු ලුණු හැන්දක්ම වැටියාන්..
අායුබෝවන් කියන මොහොතේ
බුලත් හෙප්පුව බිම පෙරළියාන්
කොයිතරම් ලස්සන උනත් මට
ඌට මහ වස කැතට පෙනියාන්
Song Details
- Sinhala Title
- දුන්නු තේ එකට - සීනි වෙනුවට
- English Title
- dunnu the ekata
- Artist
- සමන් ලෙනින්
සල
Artist
සමන් ලෙනින්
View all songs →