හදිස්සියට උකස් තිබ්බ ආදරේ

hadissiyata ukas

Lyrics

හදිස්සියට උකස් තිබ්බ ආදරේ අහස උසට පොලී වෙලා ප්‍රේමියේ බේර ගන්න බෑ මගෙ හිත කූඩුවේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ ආදරේ මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ සින්නක්කර අයිතිය අපි දෙන්නාගේ උකස් තිබ්බෙ ඔබට නොදැනි සීරුවේ අයිතිවාසිකම් කීවත් පෝරුවේ පින් කරලා මදි අපි නම් පූරුවේ (ආදරේ මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ //) කාසි කැටේ එකතු කරත් කාලයක් අපිට කොහෙද රන් කහවණු කෝටියක් පාන්දරට ඇහැ නොහැරෙන හීනයක් දකින්න බෑ හීන කඩේ හොරු අරන් (ආදරේ මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ// ) හදිස්සියට උකස් තිබ්බ.....

Song Details

Sinhala Title
හදිස්සියට උකස් තිබ්බ ආදරේ
English Title
hadissiyata ukas
දඅ

Artist

දමිත් අසංක

View all songs →

හදිස්සියට උකස් තිබ්බ ආදරේ (hadissiyata ukas) | Tediya Lyrics