සම්බුදු තෙමඟුල අදයි - පස්මහ බැලුම්

pasmaha belum

Lyrics

පස්මහ බැලුම් හෙළමින් නිසි     කාලයට පින්වත් මව් කුසක් ලැබ පිළිසිඳ     සොඳට මනරම් ලුම්බිණිය සිරියෙන් එකලු     කොට කුමරුන් උපන්නා වෙසඟේ සිරිය     මැද තුන්කල් මාළිඟා රජ සැප විඳ     හිඳිමින් ප්රේමෙන් බැදී බිම්බා දේවිය     සමඟින් නහවා කිඹුල්වත් පුර වැසියන්     සතුටින් කුමරුන් වැජඹුණා කිත්ගොස    පතුරවමින් කාලය අැවෑමෙන් ඔහු දෛවය     පැමිණ සතර පෙර නිමිති දැක සිත     කලකිරුණ නේරංජනා ගං තීරෙන් එතෙර     උණ අභිනික්මන් කළේ මඟ සෙව්මට     නිවණ හිමිගිය මගේ දුක් කරදර බොහෝ     විය අවසානයේ ඔහු සෙව්මඟ විවර     විය අළුයම් යාමයේ තුන් නැණ පහළ     විය කෙලෙසුන්  නසා දෙව් නඳ මැද බුදු    වීය තුන් ලෝ සතුන් අමදම් කිරණින්      නහවා කරුණා නෙත් යොමා සැම වෙත මෙත් වැඩුවා කෙළවර සසර නිවනට මඟ     පෑදූවා හිමි සඳ සැතපුණා මුළු ලොව කම්පා කරවා

Song Details

Sinhala Title
සම්බුදු තෙමඟුල අදයි - පස්මහ බැලුම්
English Title
pasmaha belum
SD

Artist

shahmika dinal de silva

View all songs →