Lyrics
දෙන්නම් මම අද පප්පලට
රැජිනට යවනවා කේක් එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානවා බේසමට
(එකක් මදි දෙකක් දානවා)
මීපැණි බෝතලයක් දාලා
වයින් ටිකක් කලවම් කරලා
පොඩි කජු මද ටිකක් තියලා
ගම්මිරිසුත් යහමින් දාලා
නෑ..........ආහ්.....නැද්ද ?
පාසානම් ටිකකුත් දාලා
සීනි කිලෝ දහයක් දාලා
නයි බිත්තර දෙකකුත් දාලා
හදනවා පදමට හැදි ගාලා
(එක්කෝ බිත්තර තුනක්ම දානවා )
රැජිනට යවනවා කේක් එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානවා බේසමට
ලුණු ටිකකුත් දානවා නේද
නෑ .........ආහ් ....නැද්ද ?
මිනී ඔලුවකුයි කටුස්සෙකුයි
පොළගාගේ දළකුයි නාගයෙකුයි
රස වෙන්නට රට ඉදි ටිකකුයි
නෑ නෑ නාරං බික් තුනකුයි
වැඩි වැඩි එකක් හොඳටෝම ඇති
රටකජු ටිකකුත් පොතු ගහලා
පොතු ටික දානවා මද කාලා
හොඳ හැටි පදමට හැදි ගාලා
සුවද එන්න දානවා වැනිලා
ආ ඒ පාර නම් යන්තම් හරි ගියා
හැදුවේ කේක් එක අපි දෙන්නයි
අහුවෙන්නේ අර පප්පලවයි
මාලිගාවේ වැඩ දැන් මග නවතී
මක බාස්ව දැන් කිඹුල්ලු කයි......
Song Details
- Sinhala Title
- දෙන්නම් මම අද පප්පලට
- English Title
- soora pappa - dennam mama ada
- Artist
- Soora Pappa Song
SP
Artist
Soora Pappa Song
View all songs →