ආදරේ බිඳුණා මුළු සංසාරේ ට ම පතපු

adare biduna

Lyrics

ආදරේ බිඳුණා මුළු සංසාරේ ට ම පතපු මා කෙරෙන් මිදුනා ඔබ මගෙමයි කියා කියපු හීන බොද වූවා හැම දේම බොරු වීලා පාලුවේ අද මා සැනසුම් ඔය හිතෙන් සොයපු ආයේ දවසක මාව මතකෙට ඒවි අනිවාරේ එදාට ඔබ හැර ගියපු ආදරේ වටිනාකම තේරේ හමු වුණු තැන්වල සිත දවනා ඒ අපගේ මතක හැමදාමත් ඇස් දෙක තෙමුවා රහසින් ලෝකයට යන්න ගියත් මා ගැන බිඳුවක් අනුකම්පා නොසිත අහිමි කරන්නට නෑ හිතුවේ  මා ඔබ ගේ මතක ආයේ දවසක මාව මතකෙට ඒවි අනිවාරේ එදාට ඔබ හැර ගියපු ආදරේ වටිනාකම තේරේ රෑ නිදි නො දෙනා තනිකමට හේතුව වුනත් ඔබ ශාප කරන්නෑ කිසි දාක මං අපේ අතීතෙට වරදක් සිදුවී නම් ඔබට මා දැන හෝ නො දැන පිළිගන්නට තිබුනා ඔහොම ඔබ ගත් තීරණය ආදරේ බිඳුනා

Song Details

Sinhala Title
ආදරේ බිඳුණා මුළු සංසාරේ ට ම පතපු
English Title
adare biduna
නද

Artist

නාලක දමින්ද

View all songs →

ආදරේ බිඳුණා මුළු සංසාරේ ට ම පතපු (adare biduna) | Tediya Lyrics