Lyrics
පපුවෙන් උදුරලා ගන්න හුස්මත් මගෙ ඔයා
මැරුනත් කමක් නෑ ඔබේ සෙනෙහේ නොලද මා
සසරේ කොතැන හෝ හිමි වුණොත් මට ඔයා
සත්තයි රත්තරන් ප වුණත් දෙනවා මා
හමුවී වෙන්වීමත් දෛවයේ තීරණයක්
අපි ආදරෙ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත්
සුවපත් නොවන රිදුමක් හදවතේ ඇතිවෙලා
කඳුලින් කඳුල අමුණා ජීවිතේ ගෙවනවා
පපුවේ ඔබේ රූපේ නිදන් වී තියෙනවා
මතකේ මතක නැති වී යන්නෙ නෑ කිසිමදා
ආදරෙයි ඔබට මං මහ සයුරටත් වඩා
හමුවී වෙන්වීමත් දෛවයේ තීරණයක්
අපි ආදරෙ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත්
වචනෙන් වචනෙ ගලපා භාවනාවක් වගේ
කවියක් ලියනවා මං වේදනාවට මගේ
අහසේ සඳට හැකිනම් තනිව ඉන්නට ලොවේ
මට ඇයි නොහැකි වන්නේ තනිව නම් ඉපදුනේ
ආදරෙයි ඔබට මං මහ සයුරටත් වඩා
හමුවී වෙන්වීමත් දෛවයේ තීරණයක්
අපි ආදරෙ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත්
Song Details
- Sinhala Title
- පපුවෙන් උදුරලා ගන්න හුස්මත් මගෙ ඔයා
- English Title
- papuwen udurala
- Artist
- අශාන් ප්‍රනාන්දු
අප
Artist
අශාන් ප්‍රනාන්දු
View all songs →