Lyrics
වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකැළැල් පීදිලා එනු හැම කල්
ස නි සනිපම ප ම
මම දුරින් සුපිපෙන්නම් ඔබට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං පීදිලා ලත වෙන්නම්
නෙළනු බැරි මල් ඇයි මේ සොඳුරු
හිතක නැති මල් ඇයි මට නුදුරු
පැතූ මලේ රුසිරූ මන්ද මට පසමිතුරු
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරු
ආදරේ සොඳුරු මට නොවෙද පසමිතුරු
වසත් කාලය...
නෙලු මලක් වුව මල් ලොව කවුරු
දුරින් හිඳ මම නරඹමි රුසිරූ
නොවෙන් මට නපුරූ කඳුල මගෙ ළඟ මිතුරූ
හිත පුරා ඇවිදින ඔබෙ පිළිරූ
අහිමි දුක වළකමි කොයි අයුරූ
දුරින් හිඳ නුදුරූ නිවනු මැන ගිනි පුපුරූ
වසත් කාලය...
Song Details
- Sinhala Title
- වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවානම්
- English Title
- wasath kalaya manaram
- Artist
- දයාන් විතාරණ
දව
Artist
දයාන් විතාරණ
View all songs →