පූජාවක් ආදරේ මා සිතනා පරිදි

poojawak adare

🎤 Oshadha AkashSinhala lyrics

Lyrics

පූජාවක් ආදරේ මා සිතනා පරිදි කවදාවත් නෑ සිතේ කිසි වෙනසක් ඉපදී ඔබ වෙන් වී යන්න ගියත් කියාපු සේ නොරැදී ඔය රුව නම් නොමැකේවී සදා මගේ හිතෙහී දොසක් මා නොකියමී වැරැද්දක් නොපතමී ආදරේ කල හිතින් වෛර මා නොකරමී...// තේරුම් ගද්දි දෙන්නට දෙන්නා කාලේ හුගක් ගෙවිලා ගැලපුම් නොගැලපුම් සොයලා තනියෙන් තීරණේ කරලා නොගිහින් උන්නා නම් තව ටිකක් ඉවසලා පණ තියෙනා තුරුම මං ඔබ ලගින් ඉන්නවා දොසක් මා නොකියමි...// මොහොතක් ගානේ සිහියට නැගිලා උන්නේ මගේ කියලා අදටත් දෑස මේ තෙමෙනා මතකෙන් යන්න බෑ මිදිලා නොගිහින් උන්නා නම් තව ටිකක් ඉවසලා පණ තියෙනා තුරුම මං ඔබ ලගින් ඉන්නවා පූජාවක් ආදරේ..... දොසක් මා නොකියමි....//

Song Details

Sinhala Title
පූජාවක් ආදරේ මා සිතනා පරිදි
English Title
poojawak adare
OA

Artist

Oshadha Akash

View all songs →