Lyrics
වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන
පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
හොඳ හිත ගිහින් උඩු හුළඟට ගසාගෙන //
මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන
වෙරළු ගෙඩිය...
තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති
ලන්දක කකා ලන්දක කල් යල් හරිති //
එක මිහි සයන කාටත් නිදි සුවය දෙති
බිම් පංගුවට ලොල් වී මළගම් නොයති
වෙරළු ගෙඩිය...
Song Details
- Sinhala Title
- වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
- English Title
- weralu gediya hari atakata
- Artist
- සුනිල් එදිරිසිංහ
සඑ
Artist
සුනිල් එදිරිසිංහ
View all songs →