Lyrics
ගින්දර පිටවෙන්නට තාර පාර රත් වෙලානෙ
යටිපළු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇරගන්නට බැරි තරමට පායනවනෙ
දහදිය මුඟුරු ගලනවා
කොළඹින් අරන් ආව මාළු හින්ද හිතට බයනෙ
මොරදී උගුර රිදෙනවා
බර අඩු නොවුන නිසා අද කරපිට ඇඹරි ඇඹරි
චිරි චිරි ගාලා හඬනවා......
පොළියත් එක්ක දෙන්න මාළු ගන්න ගෙනා සල්ලි හවසට දෙන්නම ඕනේ
අනුකම්පාවක් නැති සිල්ලර කඩෙ මුදලාලිත්
බැනගෙන ගෙදරට එන්නේ
ඉස්පිරිතාලෙ ඉන්න පොඩි දරුවට දෙන්න කියපු
බෙහෙතත් කොහොමද ගන්නේ
අල්ලපු වත්තෙ තියෙන බණ ගෙදරට නොගිහින් බෑ කොහොමද නිකන්ම යන්නේ....
ගින්දර පිටවෙන්නට තාර පාර රත් වෙලානෙ
යටිපළු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇරගන්නට බැරි තරමට පායනවනෙ
දහදිය මුඟුරු ගලනවා....
වෙනදට මා එනතුරු පාර බලන් ඉන්න ඈයො
මොකදැයි මාළු නොගන්නේ
පා පැදි වල පටවල මට ඉස්සර වෙලා ආපු අයගෙන් මාළු අරන්නේ
ඉඳහිට කතා කරල ගන්න හදන කෙනෙක් වුනත්
ණයටනෙ අද ඉල්ලන්නේ
තව ටිකකින් පල නැති මාළු කූරි ටික දෙනෙක්නෙ විසඳුම දෙන්නට ඉන්නේ....
ගින්දර පිටවෙන්නට....
Song Details
- Sinhala Title
- ගින්දර පිටවෙන්නට තාර පාර රත් වෙලානෙ
- English Title
- gindara pitawennata
- Artist
- ධනපාල උඩවත්ත
ධඋ
Artist
ධනපාල උඩවත්ත
View all songs →