ලෙයින් ලියා දුන්

Leyin Liya Dun

🎤 Damith AsankaSinhala lyrics

Lyrics

ලෙයින් ලියා දුන් ආදර කවියේ අකුරු සුදු ඔයා හැඬෙව්වද සමාවෙන්න මට ලියා දුන්නෙ මං ඔබට නොතේරෙන ආදරය පණට වඩා මං ඔබට පෙම් කලේ මෙහෙම ගින්දරක් විඳින්නද සමුගෙන යනකොට මා දුන් කවියෙන් වැටහෙයි මා පෙම් කළ තරම වැටහෙයි මා පෙම් කළ තරම ලියාදුන්නෙ මං එකම කවියයි ඔබට තියාගන්න තුරුළු කරගෙන අදින් පසු එය ඔබ නිදාගන්න පිහිට වෙන්නම් කවදා හෝ ඔබ අසරණ වූ දාට ඈතින් ඉඳගෙන මං ගී ගයනෙමි ඔබ තනිවුනු රෑක ඔබ තනිවුනු රෑක ආදරේ ගැන කවි ලියන්නට කියාදුන්නු ඔබ ආදරේ දුක තියා ගියදා කඳුළු පමණි මට පළමු සෙනෙහස නාමයෙන් පණ වුනත් පුදමි මම ඔයා මිස මට මගේ පණවත් වටින්නැහැනෙ මට වටින්නැහැනෙ මට ලෙයින් ලියා දුන් ආදර කවියේ අකුරු සුදු ඔයා හැඬෙව්වද සමාවෙන්න මට ලියා දුන්නෙ මං ඔබට නොතේරෙන ආදරය පණට වඩා මං ඔබට පෙම් කලේ මෙහෙම ගින්දරක් විඳින්නද සමුගෙන යනකොට මා දුන් කවියෙන් වැටහෙයි මා පෙම් කළ තරම වැටහෙයි මා පෙම් කළ තරම

Song Details

Sinhala Title
ලෙයින් ලියා දුන්
English Title
Leyin Liya Dun
DA

Artist

Damith Asanka

View all songs →

ලෙයින් ලියා දුන් (Leyin Liya Dun) | Tediya Lyrics