Lyrics
එක හිතක් නැති බවත්
ඔබ නොලැබෙනා බව දැනත්
මියැදුනා පෙම නිසා
මම බූරුවෙකි රත්තරන්
ඔබ රන් කදක් ඉස්තරම්
දුන්නේම මට දුක් කදක්
පෙරෙනවා හොටු පවා
මට ඇඩෙනවා රත්තරං
මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු නෝනා
මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු අම්මියා
භවයෙන් භවේ
වෙන් කලත් දෙවිවරු
පෙම් කෙරුවේ
පිස්සෙක් වගේ නිරතුරු
ඔබ නොමැතිනම්
මැට්ටියේ මින් මතු
ලොරියකට යටවී
කර ගමී අනතුරු
මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු නෝනා
මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු අම්මියා
Song Details
- Sinhala Title
- එක හිතක් නැති බවත්
- English Title
- eka hithak nathi - sudu ammiya
- Artist
- Anushka Udana
AU
Artist
Anushka Udana
View all songs →