පෙු්මවතී මනම්පේරි තරැණිය

premawathi manamperi

Lyrics

පෙු්මවතී මනම්පේරි තරැණිය කතරගමේ විසූ රෑප රැජිණිය පතිවත කෙළෙසලා ඇගේ මැරැවෙ තිරිසනෙක් වගේ ඒ සිත් පිත් නොමැති උදවිය එකදාස් නවසිය හැත්තැ එකේ වරැසයේ සිදුවුණු සිද්ධියක් මේඅපෙ ලංකා දීපයේ රැහුණෙ කදිර සුරිදුන් වැඩ විසුව දේශය වුණු අපරාධය පවසමි ශුද්ධ භූමියේ කතරගමේ රෑප රැජිණි මනම්පේරි නම දත් ඇගෙ හැඩට රැවට වශී උනා කාගෙත් නෙත් සිත් නැණවත් තරැණියක් වුඇය පවුලක දුප්පත් ඇය හට සිදුවුනු දේ අමතක වෙනවද කවදත් පෙු්මවතී මනම්පේරි තරැණිය කතරගමේ විසූ රෑප රැජිණිය පතිවත කෙළෙසලා ඇගේ මැරැවෙ තිරිසනෙක් වගේ ඒ සිත් පිත් නොමැති උදවිය මනම්පේරි මේ සුන්දර රෑප රාජිණී ඇයව සොයා හදිසියේ ජීප් එකක් පැමිණුනී කිසිවක් කර කියා ගන්ට ඇයට බැරිවුණී ඒ නිළධාරින් ඈ කැදවන් යන්න සැරසුනී මේ ලෙස මාගෙන යන්නට කළ වරද කුමක්ද ඒයි මනම්පේරි කතා නැතුව එනවද නැද්ද අකමැත්තෙන් වුව ඇයට යන්න වුනානෙ සිද්ධ ඔය පාළු කුටියකට ඇය කැදවන් ගියෙ මන්ද පෙු්මවතී මනම්පේරි තරැණිය කතරගමේ විසූ රෑප රැජිණිය පතිවත කෙළෙසලා ඇගේ මැරැවෙ තිරිසනෙක් වගේ ඒ සිත් පිත් නොමැති උදවිය එම පාළු කුටිය තුළ තරැණිව හිර කරලා කැදවන් ගිය සෑම දෙනා එතන රොක් වෙලා විළි වසා සිටිය වස්තරෙ ගලවන්ට අණ කළා විළිලැජ්ජාවෙන් වැළපුණි ඇය කදුළු සල සලා ඇයව වැදූ මවයි කුඩා සොහෝයුරියන් සිහිවිය සුකුමල මුව කමල කදුලැලින් තෙත් විය මට යන්න දෙන්න හෙළි නොකරමි කළ විපැත්තිය ඇගෙ ඉල්ලීමට කන් දුන්නද මුරැග කට්ටිය පෙු්මවතී මනම්පේරි තරැණිය කතරගමේ විසූ රෑප රැජිණිය පතිවත කෙළෙසලා ඇගේ මැරැවෙ තිරිසනෙක් වගේ ඒ සිත් පිත් නොමැති උදවිය දණ ගස්වා නිර්වස්තරව ඇදන් යන විට වෙඩි උණ්ඩයක් ඇවිත් වැදුණා ඇගෙ වමේ කළවට පිට පිට වෙඩි උණ්ඩ නිකුත් උනා හනිකට හැම උණ්ඩයක්ම සිරැර පුර ගියා විණිවිද ඈ ඇදන් වැටුණා ලේ ගලමින් ඇගෙ මුළු සිරැරෙන් කළින් කපා තිබුණු වලක් තුළට හිටි ගමන් වල වසා දමන්නට එතනට පැමිණුන ඇලඩින් හිතුවය මෙලෙසටයි පැවසුවෙහිකි හිතමින් පෙු්මවතී මනම්පේරි තරැණිය කතරගමේ විසූ රෑප රැජිණිය පතිවත කෙළෙසලා ඇගේ මැරැවෙ තිරිසනෙක් වගේ ඒ සිත් පිත් නොමැති උදවිය අවසාන මොහොතෙ උදවුවක් කරන්න පා දයා ඔබට බුදු බව අත්වේවි අනෙ ඇලඩින් අයියා මේ කරාබු දෙක දෙන්න ගොසින් මගේ මව සොයා ඇයට පවසන්න ජීවතුන් අතර මෙමන් නැත කියා එපමණයි ලැබුණෙ ඇයට ඔහු හට පවසන්න තවත් කෙනෙක් මාන බලා ආවා එතනට අන්තීම වෙඩිල්ලත් තැබුවනෙ ඇගේ සිරැරට අවසන් හුස්ම හෙලා නෙත් පිය ගත්ත සදහට පෙු්මවතී මනම්පේරි තරැණිය කතරගමේ විසූ රෑප රැජිණිය පතිවත කෙළෙසලා ඇගේ මැරැවෙ තිරිසනෙක් වගේ ඒ සිත් පිත් නොමැති උදවිය

Song Details

Sinhala Title
පෙු්මවතී මනම්පේරි තරැණිය
English Title
premawathi manamperi
ඇජ

Artist

ඇන්ටන් ජෝන්ස්

View all songs →