Lyrics
සදා කාලේ මා හදේ වීණා
මවා පෑ සිනා
මගේ හීනේ මා සොයා ආවා
පැතූ සේ එදා
කොයිද උපමා ලොවේ කිසිදා
අසා නෑ මා
හදේ ඇදුනා හිතේ රැඳුනා
ඔබේ රුව මා
මගේ ගීතේ මා එදා කීවා
හදේ පෑරෙනා
ඔබේ දෑසේ ගී පොතේ වූ වා
මගේ චේතනා
ඇයි ද ගොලු වී බලා නොබලා
සිනා පානා
සොයා ආවා සොයා ආවා
එදා මෙන් මා
දෑසේ ලා සඳ රේඛා
සිසිලේ නෑ වේවා
මුහුනේ ගෑ ආලේපේ
සොදුරේ මා වේවා
ඉතිරේවා සැමදා සෙනේ
මා පැතුවා හදින් සමාවී අසන්
අඳුරේ මා නොහෙලා ඉතින්
සිනා පා ඉඳිම් සදා මා ළඟින්
මගේ ගීතේ මා එදා කීවා
හදේ පෑරෙනා
ඔබේ දෑසේ ගී පොතේ වූ වා
මගේ චේතනා
ඇයි ද ගොලු වී බලා නොබලා සිනා පානා..
සොයා ආවා... සොයා ආවා..
Song Details
- Sinhala Title
- සදා කාලේ මා හදේ වීණා
- English Title
- sada kale maa - soya awa
- Artist
- රිද්ම වීරවර්ධන
රව
Artist
රිද්ම වීරවර්ධන
View all songs →