Lyrics
අවසානයක් නැති වෙලාවේ
අනවසරයෙන් ගත් විරාමේ
යන්න යනවද මගේ සටහන්
එකක්වත් ගැන නොවිමසා
තේමාව ජීවිත කතාවේ
මට ඔයා බව දන්නවානේ
ඔබට ආසද රිදෙනකොට මට
අලුත් පෙම් වාසය නිසා
යන්න යනවද අර කාලේ මතකද
ඉන්න බැරි තැන
ඔබ මාව හමුවුන
පරිච්ඡේදය ඉවර කෙරුවට
පොතේ පිටු තව තියෙනවා
සැබෑ අවසානය කියෙව්වම
ඔයත් මං වාගේ හඬනවා
යන්න යනවද අර කාලේ
වැහි බිඳක් වත් නොමැති කතරේ
පතොක් මල් නම් පිපෙනවා
කිලෝ ගානට දුක් විඳපු හිත
තාම ඔබ ගැන හොයනවා
අවසානයක් නැති වෙලාවේ
Song Details
- Sinhala Title
- අවසානයක් නැති වෙලාවේ
- English Title
- awasanayak nathi welawe
- Artist
- නිලාන් හෙට්ටිආරච්චි
නහ
Artist
නිලාන් හෙට්ටිආරච්චි
View all songs →