Lyrics
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විඳගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වැහි අරන්...
සඳ මිතුරි... සිත මිහිරි... කළ මැනවි...
බිඳු කඳුළු... පිනි පොකුරු... කළ මැනවි...
මට මම ම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපි අපිම වී ඉතින්
නව ලොවට මුල් අණු දෙන්න
මිල නොවන පෙම් කවිය පබදින්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්
සිහිනේ... සනහා... කිරණින්... දැවෙනා...
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විඳගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වැහි අරන්...
සඳ මිතුරි... සිත මිහිරි... කළ මැනවි...
බිඳු කඳුළු... පිනි පොකුරු... කළ මැනවි...
ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජිවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්
සිහිනේ... සනහා... කිරණින්... දැවෙනා...
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විඳගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිනි බින්දු මල් වැහි අරන්...
සඳ මිතුරි... සිත මිහිරි... කළ මැනවි...
බිඳු කඳුළු... පිනි පොකුරු... කළ මැනවි...
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විඳගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිනි බින්දු මල් වැහි අරන්...
සඳ මිතුරි... සිත මිහිරි... කළ මැනවි...
බිඳු කඳුළු... පිනි පොකුරු... කළ මැනවි...
Song Details
- Sinhala Title
- ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
- English Title
- igilnna oba ekka sada mithuri
- Artist
- කසුන් කල්හාර
කක
Artist
කසුන් කල්හාර
View all songs →