දෙදෙනා පෙරදා

dedena perada

Lyrics

දෙදෙනා පෙරදා හමුවී නොදොඩා නොබලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා දෙදෙනා දිගු කාලයක් ගෙවී ගියේ එක මොහොතක් ලෙසින්නේ ළඳේ ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස ආයෙත් ගෙනල්ලා තියේ අද මේ කියූ දේ ඊයේ වුණා නම් අද ඊයේ වේවී ළඳේ දෙදෙනා පෙරදා හමුවී නොදොඩා නොබලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා දෙදෙනා ඔබ ආදරෙන් සිනාසුනත් අද අලුතින් උපන් මේ ලොවේ විස ගෑවුනත් මධු පානයක් ලෙස ඈ මා ළඟින් මිහිරියේ අසනු සමා වී ආයේ පමාවී කිසිදාක නොයෙනූ ළඳේ දෙදෙනා පෙරදා හමුවී නොදොඩා නොබලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා දෙදෙනා ගායනය - මර්වින් පෙරේරා සංගීතය - මර්වින් පෙරේරා ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

Song Details

Sinhala Title
දෙදෙනා පෙරදා
English Title
dedena perada
මප

Artist

මර්වින් පෙරේරා

View all songs →

දෙදෙනා පෙරදා (dedena perada) | Tediya Lyrics