Lyrics
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ
පුංචි දේට කතා වෙලා රණ්ඩු වෙලා වෛර බැඳන්
කතා නොමැති ගෙවල් තුනක දූලා පුතාලා
අම්මාලාට හොරෙන් ඇවිත් සෙනෙහෙ සිතින් යාළු වෙලා
පුංචි පැටව් එක පවුලකි වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ
දෙමාපියන් කතා නැතුව වෛර වුණත් ඒ වාගේ
පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ
මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් අඬ ගහලා
ජීවිතයේ කතාන්දරේ කියා දියන්නේ
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ
ගේය පද – කුලරත්න ආරියවංශ මහතා
සංගීතය – රෝහණ වීරසිංහ මහතා
ගායනය – නීලා වික්රමසිංහ මහත්මිය
Song Details
- Sinhala Title
- පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
- English Title
- punchi sithe
- Artist
- නීලා වික්රමසිංහ
නව
Artist
නීලා වික්රමසිංහ
View all songs →