Lyrics
මුලු ගතම වෙහෙසුනා දහදියෙන් නැහැවුනා
කුසගින්න නිවාගන්න මෙමා යකඩ තලන්නා...//
වෙහෙසීලා දුක් විදලා කම්මලේ යකඩ තලා...//
පාන්දරින් නැඟිටලා දෙවියන් වැද පුදලා
දරුවන් මුව සිබලා ගිනි මැලය දල්වලා
යකඩ ගිනියම් කරලා ගොනුට ලාඩම් හදලා
ගැලට පන උපදවලා දවසෙ වැඩ අරබාලා
දඩු අඩුව තද කලා යකඩෙ ඊට හයි කලා
දැත වාරුව යොදලා පීර කිරි කිරි ගාලා
පිහිය හැඩ වැඩ දාලා මුවත පන්නර තියලා
හැදුවෙ කම්මලෙ කියලා මාගෙ වරුනෙ පෙන්නලා
මුලු ගතම වෙහෙසුනා.......//
අඩ ඇණය ඇදවෙලා යකඩ පට්ටම ගෙවිලා
බරබාගෙ පෙරලිලා මා ලගට පැමිණිලා
මම වරුනෙ පෙන්නලා කඩි මුඩියෙ වැඩ කලා
බරබාගෙ නැගිටලා යලි යාම අරඹලා
Song Details
- Sinhala Title
- මුලු ගතම වෙහෙසුනා දහදියෙන් නැහැවුනා
- English Title
- mulu gathama
- Artist
- ජෝ. බී. පෙරේරා
ජබ
Artist
ජෝ. බී. පෙරේරා
View all songs →