විල්ලුද පුංචි දෙපා

villuda punchi depa

Lyrics

විල්ලුද පුංචි දෙපා කලු කර ගන්න එපා අව්වට යන්න එපා දාවලේ අවලස්සන වේවී සිරියාවී මට රිදවන්න එපා මග හැර යන්න එපා තරහා වෙන්න එපා මේ වගේ අනුකම්පා නැතිදෝ සිරියාවී මේ හැටි ආඩම්බරදෝ පූරුවෙ පිනෙන් ලබූ මගෙ දේවී උදයට පින්නව්වගේ සයුරට රැල්ල වගේ ඉන්නේ මන්නේදෝ සීදේවී හිත වාවන්නෙ නැතී දිවි නහ ගන්න හිතයි ඩිංගක් හිනහෙන්කෝ සීදේවී සරදම් චාටු කතා මට කීවාට ගොතා ආයෙත් රැවටෙන්නේ නෑ මායම් අරුමෝසම් වරදීවී ගිනියම් අව්ව වැදී හැඩ රූ යාවි මැකී මගෙ හිත ඒහින්දා වැලපේවී හිරි පොද බිංදු වගේ දෝතට එන්න මගේ මගෙ සිත ආදරයෙන් හිනහේවී පියුමට සුවද වගේ සුවදට පියුම වගේ සිතුවිලි අපි දෙන්නාගේ දවසක අපි ලෝකේ රජවේවී

Song Details

Sinhala Title
විල්ලුද පුංචි දෙපා
English Title
villuda punchi depa
H

Artist

H.R.ජෝතිපාල

View all songs →

විල්ලුද පුංචි දෙපා (villuda punchi depa) | Tediya Lyrics