Lyrics
වෙහෙරහේන විහාරයේ උඩ මලුවට යන්නම්
පේන පේන හැම තැනදිම ඔයාට පිං දෙන්නම්
බේරගන්න බැරි වුනි මට ගලනා ගං වතුරෙන්
පුංචි නංගියේ සැනසෙනු මතු ඔබ නිර්වාණෙන්
ආදරේට වස්තුව අපේ ඔක්කොටෝම ගෙදර
මා ළගටම ඇවිදින් හුරතල් වෙයි ඔබ නිතර
සා පැටවකු දුටුවත් සිහි කරවයි ඔබේ සුවද
වාවගන්න බෑ ඇස් වල කදුළැලි මට තවම
වෙහෙරහේන විහාරයේ.....
නාය ගියා නම් කදු වැටි සේරම යට වෙන්න
හිතට දුකක් නෑ නංගියේ මැරි මැරි ඉපදෙන්න
නැතිබැරිකම් කොතෙක් ඇතත් දෙන දෙන පිං ගන්න
අපිත් එක්ක මෙතේ බුදුන් පාමුල සැනසෙන්න
වෙහෙරහේන විහාරයේ.....
Song Details
- Sinhala Title
- වෙහෙරහේන විහාරයේ
- English Title
- weherahena wiharaye
- Artist
- අජිත් මුතුකුමාරණ
අම
Artist
අජිත් මුතුකුමාරණ
View all songs →