Lyrics
පුරුද්දට වගේ තරහා වෙලා
ඇයි මගේ අංකය බ්ලොක් කරලා
දුරකථනය දෙස හිදිම් බලා
සැකයක් හිත යට ඉතිරි වෙලා
අන්තිම පාරට අමතන්න
ලස්සන කටහඩ අහගන්න
කවුරුත් නැ දුක පවසන්න
එක සැරයක් හරි අමතන්න
වැරදි ඇති දෙවියෙක් නොවෙති
සැක කරලා නම් නැ කොහොමත්
කොහෙවත් නැ සියයට සියයක්
නිවැරදි මිනිසුන් නොවේ කවුරුවත්
වෙන්නට බැරි නම් පෙම්වතුන් යලිත්
හෙට ආයෙ අමතන්න දුක සැපවත් අහගන්න
අන්තිම පාරට අමතන්න
ලස්සන කටහඩ අහගන්න
කවුරුත් නැ දුක පවසන්න
එක සැරයක් හරි අමතන්න
බොරුවට නැ ආයුෂ කොහොමත්
ඒ ගැන දැනගෙන වෙයි ජිවත්
දුන්නු ආදරේ අනන්තයක්
ඔයා නැතිව හිත ගිනි කන්දක්
වෙන්නට බැරි නම් පෙම්වතුන් යලිත්
හෙට ආයෙ අමතන්න දුක සැපවත් අහගන්න
අන්තිමට පාරට අමතන්න
ලස්සන කටහඩ අහගන්න
කවුරුත් නැ දුක පවසන්න
එක සැරයක් හරි අමතන්න
Song Details
- Sinhala Title
- පුරුද්දට වගේ තරහා වෙලා
- English Title
- puruddaṭa vage taraha vela
- Artist
- Sujan Fernando
SF
Artist
Sujan Fernando
View all songs →