පුංචි කෙල්ලේ තවම රස්නෙයි

punchi kelle thawama

Lyrics

පුංචි කෙල්ලේ තවම රස්නෙයි පපුව ගිනි ගත්තා ජාති ජාතිත් අපි අපේමයි ඔයත් පිලි ගත්තා දෑත ගිලිහී ඈත යනවිට නීති දාලා අල්ල ගන්නට හුස්ම නවතී නුබ මතක් වී හිතින් මං තවමත් ඔබේ ලග වර්තමානේ වේදනාවෝ ආදරේ ප්‍රතිපලයක් වේදෝ පේනමානේ ඉන්න හැකිදෝ නොලැබුනත් කිසිදා....... හාර හාරා ඇසුවෙ නෑ මා ඔබව පාරා එකට ඉදලා වෙන්ව යනදා බොහෝ රිදවා නිහඩ වීලා බලා සිටියා මා ඔබ නිසා අපෙ අතීතේ ගැන හුගක්නම් දුක් උනා මා වර්තමානේ වේදනාවෝ ආදරේ ප්‍රතිපලයක් වේදෝ පේනමානේ ඉන්න හැකිදෝ නොලැබුනත් කිසිදා........ කාට කාටත් ඇත්ත තේරෙයි කල් ගිහිල්ලා කදුලු පිටවෙයි එවිට දෑසින් දුක හිතීලා අත් මිදී ඒ ලොවෙන් මා සොයා ආවොතින් සත්තමයි මං සමා දෙන්නම්........ පුංචි කෙල්ලේ තවම රස්නෙයි....... ගායනය - නලින්ද රණසිංහ.

Song Details

Sinhala Title
පුංචි කෙල්ලේ තවම රස්නෙයි
English Title
punchi kelle thawama
නර

Artist

නලින්ද රණසිංහ

View all songs →

පුංචි කෙල්ලේ තවම රස්නෙයි (punchi kelle thawama) | Tediya Lyrics