Lyrics
මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිතී
ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිති
සාමේ තියන් යුධ කෙරුවට සාමය නෑ පිබිදී
බොරුවක් නොව අපි ඔක්කොම එකම තැනක පැටලී
යාපනයේ පුස්තකාලයටත් සිංහල පොත් එපාද
තල් ගස්වල කරටි නැතිව තල් කිරි රස තවම නැතිද
ජීවිතයේ උරුමය මරණය බෙල්ලේ බැදන් ඉදීද
යාපනයට ඇවිත් යන්න අපිටත් පින් ලැබෙයිද //
පිටකොටුවේ බෝ ගහ යටට එන්නට නුඹ බයයි ද
කතරගමට බාර වෙන්න නුඹට ටිකක් එන්න බැයිද
වව්නියාවේ යන්න කෝච්චියට මරදානෙන් නගින්න
කොළඹ පැත්තෙ ඇවිත් යන්න නුඹටත් පින් ලැබෙයිද//
මායිම් ගමේ වීරමනී.
Song Details
- Sinhala Title
- මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිතී
- English Title
- mayim game weeramani
- Artist
- දමිත් අසංක
දඅ
Artist
දමිත් අසංක
View all songs →