Lyrics
සෙබළාණනේ ඔබ මැරුණා නොවේ
කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ
කඳුළක් වෙලා ඔබ රැඳිලා නෙතේ
හඬවන්න මා මේ රෑ යාමයේ
මතකයි එදා ඈත රණ බිම පුරා
සටනේ වැදීලා දෙන්නා එදා
නොසිතූ නිමේෂයෙන්ම
මරු හා ගීයේ
මව් භූමියේ ලේ ගංගා ගලා
විරුවෙක් විලාසෙන්ම වෙන් වූ දැයේ
රතුමල් පිපේවී නාමෙන් ඔබේ
විඳිනා මෙවන් නේක දුක් වේදනා
උපහාර වේ මේ ගී ගායනා
සොයුරාණනේ ඔබ මැරුණා නොවේ
කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ
කඳුළක් වෙලා ඔබ රැඳිලා නෙතේ
හඬවන්න මා මේ රෑ යාමයේ
Song Details
- Sinhala Title
- සෙබළාණනේ ඔබ මැරුණා නොවේ
- English Title
- sebalaneni oba maruna nowe
- Artist
- සන්ෆ්ලවර්
ස
Artist
සන්ෆ්ලවර්
View all songs →