Lyrics
සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ... දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබගේ කිමද පලේ
සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකැයි කියන බෑ
හිරු මා දැව්වත් මා ලද උණුසුම
අමතක කරන්න බෑ
සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා…
Song Details
- Sinhala Title
- සඳේ ඔබ ඇයිද මේ යාමේ
- English Title
- sade oba ayida me
- Artist
- රූකාන්ත ගුණතිලක
රග
Artist
රූකාන්ත ගුණතිලක
View all songs →