Lyrics
දුහුල් මීදුමේ සිහිල් මාරුතේ
නදී නිම්නයේ රුවක් ඉන්නවා
ඒ රූප නාරි හිඳී නෙත් ඇරන්
නුඹෙ නාරි ගේන හැඟුම් මත්වෙමින්
මට තාම සීතයි මගේ රත්තරන්.........
ගස වට කරනා මේ මල් පිපුණා
අතු ඉති සැදුණා හැම දවසේ
ඇයි අද වාගේ පෙර කවදා හෝ
විසිතුරු නැත්තේ මේ පියසේ
මිහිරි කුරුල්ලෝ අදයි ගෙනාවේ
පෙම් කව ලියවූ පොත අපගේ
සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ.........
නිමල් නිල්වලා සෙමින් ළංවෙලා
රටාවන් අඳියි වලා මංඩලේ
කවුරුන්ද ඇඳුණේ එවන් රූ තුළින්
එය මාද නැහැනේ ඔබයි ඒ ළඳුන්
මට තාම සීතයි මගේ රත්තරන්........
පදුම කුමාරි පත්ම වනේ හී
මේ ලස්සන පෙර නැහැ දුටුවේ
මිටියාවතෙහී දිය ඇලි අතරින්
අප මේ ලෙස පෙර නෑ බැලුවේ
ඇඟිලි අගින් හෝ පනීන පවන් හී
ඉන්න එපා ඔබ මට නොදැනී
සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ.........
Song Details
- Sinhala Title
- දුහුල් මීදුමේ සිහිල් මාරුතේ
- English Title
- duhul midume
- Artist
- H.R. ජෝතිපාල
Hජ
Artist
H.R. ජෝතිපාල
View all songs →