විලේ නෙළුම් නෙලන්නට එපා

wile nelum nelannata

Lyrics

විලේ නෙළුම් නෙලන්නට එපා අතේ දුරින් පිපෙන්නට එපා සුසුම් කොදෙව්වේ කුසුම් දනව්වේ මලේ මිලාන වී යන්නෙපා// නවෝදයේදී සීත නිශාදයේදී වසන්තයක් සේ ඈත වනන්තරේදී පිපී සිනාසී රිදී ජලාසේ// පිපී සැලෙයි රිදී ජලාසේ// උදෑසනේදී පිපි සැදෑ සමේදී මිලාන වී දෝ මලේ කුසුම් කැලේදී පැතූ සෙනෙහේ සිතුම් ප්‍රමෝදේ// මැකී ගියා නුවන් තලාවේ//

Song Details

Sinhala Title
විලේ නෙළුම් නෙලන්නට එපා
English Title
wile nelum nelannata
නඋ

Artist

නාමල් උඩුගම

View all songs →