ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ

shilpa sodin danaganna

Lyrics

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ. ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියෙන්. හැන්දෑ අවරට දැක්කද නංගෝ තුරුලු වෙලා ඉන්නා ජෝඩු රංචු මිසක තනියෙන්ම නොයන්නේ ඒ නුවරට නුඹ කිරිකෝඩු ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ. ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියෙන් නාමල් සුවඳක් වෙනදා වාගේ අද නැහැ නොවැ ඇල ඉස්මත්තේ නාමල් සුවඳට බඹරු ඇදෙයි දො මගතොට නුඹ යනෙනා වාරේ ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ. ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියෙන්

Song Details

Sinhala Title
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
English Title
shilpa sodin danaganna
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →