සමනළ පාලම අද්දර

samanala palama addara

Lyrics

සමනළ පාලම අද්දර සමනළිගේ අත අරගෙන ගාලු කොටුව දිහා බලන් ඉන්නට ඇත්නම් පාට පිරුණු හැන්දෑවක සමනළ සිහිනය දකිද්දි ප්‍රේම සිතට සීත සුළඟ ගෙනේවි මනරම් සයුරු රැල්ල හාදු පුදන රූමස්සල කන්ද දිහා රෑ මැදියම වෙනතුරාම බලා ඉඳිමුද අසුරු සැණෙකි ඒ කාලය ප්‍රේමාතුර සිතට අපේ සරා සඳට අපෙ තනියට ඉන්න කියමුද සමනළ පාලම අද්දර සමනළිගේ අත අරගෙන ගාලු කොටුව දිහා බලන් ඉන්නට ඇත්නම් පාට පිරුණු හැන්දෑවක සමනළ සිහිනය දකිද්දි ප්‍රේම සිතට සීත සුළඟ ගෙනේවි මනරම්... සීනිගම දෙවොල් වැලිබිම අපේ ප්‍රේම කව ලියන්න.. පයින්ම අපි ගාට ගාට ඇවිදින් යමුද ඒ දුර මහ දුරක් නොවේ පාරමිතා පුරන අපට... පොද වැස්සට අපිත් එක්ක ඉන්න කියමුද.. සමනළ පාලම අද්දර... සමනළිගේ අත අරගෙන... ගාලු කොටුව දිහා බලන් ඉන්නට ඇත්නම් පාට පිරුණු හැන්දෑවක සමනළ සිහිනය දකිද්දි (ප්‍රේම සිතට සීත සුළඟ ගෙනේවි මනරම්)..///

Song Details

Sinhala Title
සමනළ පාලම අද්දර
English Title
samanala palama addara
ලහ

Artist

ලක්ෂ්මන් හිල්මි

View all songs →

සමනළ පාලම අද්දර (samanala palama addara) | Tediya Lyrics