Lyrics
දුම්රිය පොළ වෙතට ඇදෙන ජන ගඟ හමුවේ
මගෙ නෙතු විමසයි ඇයි ඔබ තවම පමාවේ
ඔබට කියන්නට රහසක් හිතේ තියා
කොච්චරකල් බලා ඉන්නවාද මෙමා
(රන් සමනලී තාම ආවෙ නෑ ඔයා)...//
(ඈත ඉඳන් සිනා මුවින් ඇදෙන ලතාවේ..
දෙනුවන් මන වශීකරන මුවග හිනාවේ)..//
සිව්නෙත පැටලී අප සිත් කීව කතාවේ..
කියන්න සමනලියෙ ඔයා කිමද පමාවේ..
දුම්රිය පොළ වෙතට ඇදෙන ජන ගඟ හමුවේ
මගෙ නෙතු විමසයි ඇයි ඔබ තවම පමාවේ
ඔබට කියන්නට රහසක් හිතේ තියා
කොච්චරකල් බලා ඉන්නවාද මෙමා
(රන් සමනලී තාම ආවෙ නෑ ඔයා)...//
(ඔබට ලියමි මගෙ ආදරෙ අකුරු අමුණලා..
හෙටවත් ඒවිදෝ සැකයි මා ගැන හිතලා)..//
ඔබ මාගෙද වෙන කාගෙද ලිපියක ලියලා..
ඒ කතාව ඇවිත් කියනු දුම්රියෙ නැගිලා..
දුම්රිය පොළ වෙතට ඇදෙන ජන ගඟ හමුවේ
මගෙ නෙතු විමසයි ඇයි ඔබ තවම පමාවේ
ඔබට කියන්නට රහසක් හිතේ තියා
කොච්චරකල් බලා ඉන්නවාද මෙමා
(රන් සමනලී තාම ආවෙ නෑ ඔයා)...//
Song Details
- Sinhala Title
- දුම්රිය පොළ වෙතට ඇදෙන ජන ගඟ හමුවේ
- English Title
- dumriyapola wethata
- Artist
- ලක්ෂ්මන් හිල්මි
ලහ
Artist
ලක්ෂ්මන් හිල්මි
View all songs →